පාර කියන කැරන් ජේකොබ්සන්
අප ගමනක් බිමනක් යද්දී ගූගල් මැප් Google Map භාවිතයට ගනී. නිවරදිව ගමනාන්තයට යෑමට Google Map උදවු වෙන්නේ චන්ද්‍රිකා සහ GPS (ගෝලීය ස්ථානගත පද්ධතිය) තාක්ෂණය ද හවුල් කර ගනිමිනි.
GPS භාවිතා කරද්දී අතනින් යන්න, මෙතැනින් යන්න, වමට හැරෙන්න, දකුණට හැරෙන්න ආදී වශයෙන් උපදෙස් ලැබෙන්නේ කාන්තා හඬකිනි.
මෙය පරිගණකයෙන් සකස් කළ කෘත්‍රිම බුද්ධි ඒ.අයි. හඬක් නොවෙයි. සැබෑ කාන්තාවකගේ හඬකි. GPS Girl යන නමින් ද හැඳින්වෙන ඇය ඇමෙරිකාවේ පදිංචියට ගිය ඕස්ට්‍රේලියානු රූපවාහිනී ඉදිරිපත් කරන්නියක් වන කැරන් ජේකොබ්සන්ය. ඕස්ට්‍රේලියානුවන් ඉංග්‍රීසි කතා කරන ආකාරය සෙසු ලෝකයේ සියලු දෙනා ඉංග්‍රීසි කතා කරන ආකාරයට වඩා ප්‍රසන්න යැයි පිළිගැනීමක් ඇත. GPS මඟ පෙන්වන්නියක් ලෙස කැරන් ජේකොබ්සන්ගේ හඬ යොදා ගැණුනේ ඒ අනුවය.
Live Science ඇසුරිනි