පාප්තුමන්ට සුදුම සුදු අශ්වයෙක් තෑගි ලැබිලා



ශුද්ධෝත්තම, 14 වැනි ලියෝ පාප්තුමන්ට අශ්වයකු තෑගි වශයෙන් ලැබුණු බව වකිතානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම අශ්වයා, ‘අරාබි අශ්වයකු’ වන අතර, වංශවත් කුලයකට අයත්, ඉහළ වටිනාකමකින් යුත් අශ්වයකු බව ද පැවැසෙයි.

අශ්වයා පාප්තුමාට තෑගි වශයෙන් ලබා දුන්නේ, පෝලන්තයේ අශ්ව ගොවිපොල හිමිකරුවකු මෙන්ම, කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ඇන්ද්‍රේස් මිචැල්ස්කීය. අවුරුදු 12 ක් වයසැති ‘ප්‍රෝටන්’ නමැති මෙම අශ්වයා තෑගි කළ අවස්ථාවේදී පාප්තුමා ඒ ගැන මහත් සේ සතුටට පත් වුණු බව ද වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


RECOMMEND POSTS