නොබෙල් සාහිත්‍ය සම්මානය ප්‍රංශ ලේඛිකාවට



2022 සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය ප්‍රංශ ලේඛිකාව වන ඇනී එර්නෝ වෙත පිරිනමා තිබේ. තම නිර්මාණ තුලින් පුද්ගලාන්තර ස්මරණ මූලයන්   අනාවරණය කිරීමට දරන ලද ප්‍රයත්නය වෙනුවෙන් එම සම්මානය ඇයට හිමිවී තිබේ.

මින් ඉහත  ලොව පුරා කාන්තාවන් 16 දෙනකු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිකරගෙන තිබේ. මේ වන විට ප්‍රංශ ලේඛකයන්  15 දෙනකු නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමිකරගෙන ඇති අතර   ඇනී එම සම්මානය දිනාගත් පළමු ප්‍රංශ ලේඛිකාවය.

එර්නෝ හැදී වැඩුණේ නෝමන්ඩි හි Yvetot හි ය. ඇය සිල්ලර වෙළෙඳ සැලක් පවත්වාගෙන ගිය කම්කරු පාන්තික මවුපියන් දෙපලකගේ දියණියකි.

ඇය Rouen සහ පසුව Bordeaux විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවාය., පාසල් ගුරුවරියක ලෙස කලක් කටයුතු කළ ඇය, නවීන සාහිත්‍යය පිළිබඳ උපාධියක් හිමිකරගත්තාය.

ඇය සිය සාහිත්‍ය ජීවිතය ආරම්භ කළේ 1974 දී Les Armoires vides (Cleaned Out), ස්වයං චරිතාපදාන නවකතාවෙනි. ඇයගේ වෘත්තීය ජීවිතයේ මුල් අවධියේදී, ඇය ඓතිහාසික සහ පුද්ගල අත්දැකීම් ඒකාබද්ධ කරමින් ස්වයං චරිතාපදානය රචනා කිරීම  සඳහා ප්‍රබන්ධ කතාවලින් ඈත් වූවාය. ඇගේ පොත් පුළුල් පාඨක පිරිසක් විසින්පරිශීලනය කරනු ලබයි.  බොහෝ ගුවන්විදුලි සහ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සහ වැඩසටහන්  වලට  සහභාගී  වන ඇය   ජාත්‍යන්තර ශාස්ත්‍රීය සාහිත්‍යය   සම්බන්ධ සාකච්ඡාවල . නිරත වන්නීය.

ඇයගේ ප්‍රසිද්ධ කෘති අතරට La Place ("A Man's Place", 1983), L'événement ("Happening", 2000), L'Occupation ("The Possession", 2002) සහ Les Années ("The Years", 2008) ඇතුළත් වේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා


RECOMMEND POSTS