නොබෙල් ත්‍යාග පිරිනැමෙයි



මෙම 2023 වසරේ, නොබෙල් ත්‍යාග ප්‍රදානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවරදී පැවැත්විණි. මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා  තෝරා ගැනුණේ ඉරාන මානව ක්‍රියාකාරිනී නර්ගීස් මොහොම්මදීය. ඉරාන කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැඟීමේ වරදට ඉරාන රජය, නර්ගීස් මොහොම්මදී ට සිර දඩුවමක් නියම කර තිබේ.

තෙහෙරාන් අගනුවර එවින්, බන්ධනාගාරයේ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සිරදඬුවම් විඳින බැවින්, නර්ගීස් මොහොම්මදී වෙනුවෙන් ඇයට හිමි හිමි නොබෙල් පදක්කම සහ මුදල් ත්‍යාගය ලබා ගත්තේ ඇගේ 17 හැවිරිදි නිවුන් දියණිය කියානා සහ පුතු අලී රහ්මානී ය. ඉරානයෙන් පිටුවහල් වී, මෙම දරු දෙදෙනා ජීවත් වන්නේ ප්‍රංශයේය.

51 හැවිරිදි නර්ගීස් මොහොම්මදී ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිදු කෙරුණේ, ඇය ඉරානයේ කාන්තා හිංසනයට එරෙහි ගෙන යන සටන වෙනුවෙනි.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ 19 වැනි කාන්තාව නර්ගීස් මොහොම්මදී ය. ඇයෙට හිමි මුදල් ත්‍යාගය ඇමෙරිකන් ඩොලර් මිලියනයකි. සිරදඬුවම් විඳිමින් සිටියදී නොබෙල් සාම ත්‍යාග ලබා ගත් පස්වැනියා වන්නේ ද නර්ගීස් මොහොම්මදීය.


RECOMMEND POSTS