නෙවල්නි ආහාර වර්ජනයක



බන්ධනාගාරගත කර සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි රුසියානු පුවත් සේවා වාර්තා කරයි.

මේ වනවිට 44 හැවිරිදි නෙවල්නි සිවු දිනක් තිස්සේ නිරාහාරව පසුවන බැවින්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමකට ලක් වී ඇතැයි ඔහුගේ වෛද්‍යවරු පවසති.

නෙවලි ආහාර වර්ජනයක් ආරම්භ කළේ ඔහු අත්අඩංගුවට ගැනීම සහ බන්ධනාගාරගත කිරීම සම්බනධයෙනි. රුසියන් රජය නෙවල්නි අත්අඩංගුවට ගත්තේ, රුසියන් රජයට එරෙහිව කුමන්ත්‍රණය කරනවා යන චෝදනා එල්ල කරමිනි.

නෙවල්නි සම්බන්ධයෙන් තමන් කනස්සල්ලෙන් පසුවන බවත්, නෙවල්නිගේ ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත්, ඒ සම්බන්ධයෙන් රුසියන් රජයට වන්දි ගෙවීමන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. ඇලෙක්සි නෙවල්නි රුසියාවේ දූෂණ විරෝධී ක්‍රියාකාරියකු ද වෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS