නිළි තමන්නා අධිකරණයට



ඉන්දීය අයි.පී.එල් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය හිමි සමාගමේ අනුමැතියකින් තොරව, නීති විරෝධී ලෙස, තරග විකාශය කිරීමේ සහ ඔට්ටු ඇල්ලීමේ යෙදුමක් ප්‍රවර්ධනය කිරීමෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක පාඩුවක් සිදුව ඇතැයි කියන පැමිණිල්ලට අදාලව, දකුණු ඉන්දීය සුපිරි නිළියක වනි තමන්නා භාතියාට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය විසින් තමන්නා බාතියාට සිතාසි යවා ඇති බවත්, හෙට (29) වැනිදා ඇය අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් දැනුම් දී ඇත.

නඩුවට අදාළව ප්‍රවීණ බොලිවුඩ් නළු සංජේ දත්ට ද පසුගිය 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නද ඔහු අධිකරණයට පැමිණ තිබුණේ නැත. තම ප්‍රකාශය සටහන් කර ගැනීමට ඔහු වෙනත් දිනයක් අධිකරණයෙන් ඉල්ලා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය පවසයි.


RECOMMEND POSTS