නිළි ඈන් හේෂ් සමුගනී



ලොස් ඇන්ජලීස් නුවර දී, රිය අනතුරකට ලක් වී, රෝහල්ගතව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු හොලිවුඩයේ ජනප්‍රිය නළි ඈන් හේෂ්, මියගිය බව ඇගේ ප්‍රකාශිකාව පවසයි.

53 හැවිරිදි ඈන් හේෂ්, රෝහල්ගත කෙරුණේ පසුගිය අගෝස්තු 5 වැනිදාය. ඒ, ඇය පදවමින් සිටි මෝටර් රථය ලොස් ඇන්ජලීස් නුවර ගොඩනැගිල්ලක ගැටිමෙනි.

රෝහල්ගත කළ ඈන් හේෂ්ගේ මොළය මියගොස් තිබුණි. වෛද්‍යවරුන් තීරණය කළේ කෝමා තත්ත්වයට පත් ව සිටි ඇය තව දුරටත් යන්ත්‍රවලට සම්බන්ධ කර තබා ගැනීම පලක් නොවන බවය.

ඈන් හේෂ් ජනප්‍රිය වූයේ 90 දශකයේ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවලිනි. 'ඩොනී බ්‍රැස්කෝ', සික්ස් ඩේස් සෙවන් නයිට්ස්' සහ 'වොල්කෙනෝ' ඇය රංගනයෙන් එක්වුණු චිත්‍රපට කීපයකි.

(සී.එන්.එන්.)


RECOMMEND POSTS