නවසීලන්ත අගමැතිට ‘කොවිඞ්’



තව සති දෙකකින් පැවැත්වීමට නියමිත නවසීලන්ත මහ මැතිවරණයට සූදානමින් සිටින එරට අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇත.

හිප්කින්ස් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ මැතිවරණ කටයුතුවල නියැලෙමින් සිටිද්දීය. ඒ අනුව ඔහු නිරෝධායනයට යොමු කළ බව වෛද්‍යවරු පැවැසූහ.

මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී, ක්‍රිස් හොප්කින්ස් ‘කොවිඞ් 19’ ආසාදිතයකු වී නිරෝධානයට වී සිටීම ඔහුගේ මැතිවරණ කටයුතුවලට විශාල බාධාවක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

තමන් කොවිඞ් 19 ආසාදිතයකු බවත්, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් තමන් නිරෝධානයට යොමු වුණු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් හිප්කින්ස් ද පවසා තිබේ.

නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයා හෝ නායිකාවටය. ක්‍රිස් හොල්කින්ස් ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ පසුගිය ජනවාරියේ, පක්ෂ නායිකාව මෙන්ම අග්‍රාමාත්‍යවරිය ද වශයෙන් කටයුතු කළ ජැසෙන්ඩා එර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුවය.

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී දිගටම ධුරයේ රැඳී සිටීමට ක්‍රිස් හිප්කින්ස් ජනවරමක් අපේක්ෂා කරයි.


RECOMMEND POSTS