දේශපාලනයෙන් සමුගෙන හොඳ අම්මා කෙනකු වෙනවා



දේශපාලනයෙන් සමුගන්නා තමන්, තම දියණිය වෙනුවෙන් කැප වී, තම දියණියට හොඳ මවක් වීමට බලාපොරොත්තු වන බව, නවසීලන්ත පාලක පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම එරට අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණු ජැසෙන්ඩා එර්ඩර්න් කියයි.

42 හැවිරිදි ජැසෙන්ඩා මෙසේ කීවේ පසුගිය දා වෙලින්ටන් නුවරදී පාර්ලිමේන්තුව අමතමිනි. ජැසෙන්ඩා, නවසීලන්තයට ශක්තිමත් නායකත්වයක් දුන්නාය. ‘කොවිඩ් 19‘ වසංගතය ආරම්භයේ දී ඇය ගත් තීන්දු තීරණ ලෝකයේම පැසැසුමට ලක් විය.

කරුණාව, දායාව පිරි ශක්තිමත් නායිකාවක ලෙස ඇය දේශපාලනයෙන් සමුගන්නේ, නවසීලන්ත වැසියන්ට පමණක් නොව, ලෝකයේ බොහෝ දේශපාලනඥයන්ට ආදර්ශයක් ලබා දෙමිනි.

ජැසෙන්ඩා පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වන බව පැවැසුවේ පසුගිය ජනවාරියේය. එය කාගේත් මවිතයට හේතුවක් ද විය.

එම අවස්ථාවේදී ද ඇය කියා සිටියේ දේශපාලනයේ සිටීම ඇයට වෙහෙසකර බවත්, පවුල වෙනුවෙන් කැපවිය යුතු බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS