දකුණු අප්රිකාවේ හිටපු ජනපති ක්ලාර්ක් සමුගනී
දකුණු අප්රිකාවේ හිටපු ජනාධිපති එෆ් ඩබ් දි ක්ලාර්ක් අභාවප්රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 85කි. දකුණු අප්රිකාව පාලනය කළ අවසන් සුදු ජාතික ජනාධිපතිවරයා වන්නේ ක්ලාර්ක් ය.
දකුණු අප්රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීමට මූලිකත්වය ගත් නෙල්සන් මැන්ඩෙලා ට 1990 දී නිදහස හිමිවූයේ ක්ලාර්ක්ගේ පාලන සමයේදීය. නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරන බව එදා පාර්ලිමේන්තුවේ දී ක්ලාර්ක් කළ ප්රකාශය ආන්දෝලනාත්මක එකක් වූ අතර, එය ලෝක දේශපාලනයේ කැලඹීමක් ඇති කළ සිදුවීමක් ලෙස ද සැලකෙයි.
ක්ලාර්ක් පිළිකා රෝගියකු බව පසුගිය 2020 දී අනාවරණය විය. ඔහු මියගියේ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි. ක්ලාර්ක් 1989 සිට 1994 දක්වා දකුණු අප්රිකා රජයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
(රොයිටර්)