දකුණු අප්‍රිකා රූ රැජින කිරුළ බිහිරි තරුණියකට
ශ්‍රව්‍යාබාධිත සුරූපිනියක වන මියා ලෙ රොක්ස්, 2024 දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළ දිනා ගැනීමට සමත් වූවාය. ඒ අනුව, දකුණු අප්‍රිකානු රූ රැජින කිරුළ දිනූ පළමු ශ්‍රව්‍යාබාධිත තරුණිය ලෙස ඇය ඉතිහාසයට එක් වූවාය.
දැඩි තරඟකාරී අවසන් වටයකින් පසු, මියා මෙම ජයග්‍රහණය ලබා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. ජයග්‍රහණය ලැබීමත් සමඟ මියා, නරඹන්නන් අමතමින් අහදස් දැක්වූයේ, සමාජයෙන් කොන් වී ඇතැයි හැඟෙන පුද්ගලයන්ට ඔවුන්ගේ සිහින හඹා යෑමට, සිය ජයග්‍රහණය දිරියක් වනු ඇති බවය.
මූල්‍ය අපහසුතා ඇති සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට පිහිට වීමටද බලාපොරොත්තුවන බවද එහිදී රැස්ව සිටි හමුවේ අදහස් දක්වා සිටියාය.
(ඒ.එෆ්.පී.)