දංගාල් නිළිය හිටිහැටියේ මියයයි



2016 වසරේ තිරගත වූ අමීර් ඛාන ප්‍රධාන චරිත නිරූපණය කළ 'දංගාල්' චිත්‍රපටයට රංගනයෙන් දායක වූ සුහායි භට්නාගර් දිවියෙන් සමුගත් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

සුහායි භට්නාගර්, දංගාල් චිත්‍රපටයට එක් වී සිටියේ ළමා නිළියක ලෙසය. මාංශ පේෂි දුර්වල වීමේ දුර්ලභ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය දිවි ගමන අවසන් කළේ යැයි ද පැවැසෙයි. මියයන විට ඇය 19 හැවිරිදි වියේ පසුවූවාය.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, වෛද්‍යවරුන් ඇගේ රෝගී තත්ත්වය හදුනා ගෙන ඇත්තේ, මියයෑමට දින 10 කට පෙරය. සුහායි භට්නාගර් මියගියේ රෝහල්ගතව සිටියදීය.


RECOMMEND POSTS