තායිවානයේ ජනපති ලායි චින්ග්



පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් තායිවාන ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ ලායි චින්ග් ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය.

පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය ජනාධිපතිවරණය අඛණ්ඩව ජයග්‍රහණය කළ තෙවැනි අවස්ථාව මෙයයි.

හිටපු වෛද්‍යවරයකු වූ 64 හැවිරිදි ලායි චින්ග් ටේ ලක්ෂ 50කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ඔහු වාර්තා අතරට එක්වී ඇත්තේ ලක්ෂ 50 හේ සීමාව පසු කළ පළමු තායිවාන ජනාධිපතිවරයා ලෙසය.

චීනයට වඩා ඇමෙරිකාව සමග සමීප සබඳතා පැවැත්වීමට කැමැත්තක් දක්වන නායකයකු ලෙස ලායි චින්ග් ප්‍රකටය.ලායි චින්ග් තායිවානයේ වත්මන් ජනාධිපති සාන් ඉන් වේන්ටත් වඩා, දැඩි චීන විරෝධී මතධාරියකු බව චීනයේ මතය යි.

ජනාධිපතිවරණය ලායි චින්ග් ජයග්‍රහණය කිරීමෙන් පසුව චීනය ප්‍රකාශ කර ඇත්තේ තායිවානය චීනයේ කොටසක් බවය.තායිවානය චීනයට ඔබ්බෙන් කුඩා දූපතක් ලෙස පිහිටා ඇත.


RECOMMEND POSTS