තමන්නාට කොරෝනා
දකුණු ඉන්දීය මෙන්ම බොලිවුඩ් සුරූපී නිළියක ද වන තමන්නා බාතියා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
වැඩිදුර ප්‍රතිකාර සඳහා තමන්නා හයිද්‍රාබාද් නුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පසුගිය අගෝස්තුවේ තමන්නාගේ මව රාජනී සහ පියා සන්තෝෂ් භාතියා ට කොරෝනා ආසාදනය වූ බවත්, පසුව ඔවුන් ඉක්මණින් සුවය ලැබූ බවත් වාර්තා විය.
රෝහල්ගතවීමෙන් පසු ට්විටර් සටහනක් තැබුවේ, තමන්නා ඇගේ ඡායාරූප පෙළක් ද සමගය
30 හැවිරිදි වියෙහි පසුවන තමන්නාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පවසති. කෙසේ නමුත් ඇය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වී ඇත්තේ උණ රෝගී තත්ත්වයක් නිසාය.
තෙළිගු, දෙමළ සහ බොලිවුඩ් නිළියක ලෙස රසික හදවත් දිනා ගත් තමන්නා, ජාත්‍යන්තරයේ අවදානයට ලක් වූයේ බාහුබලී පළමු චිත්‍රපටයෙනි.
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි