ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් වාර්තා තියයි
ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් චිත්‍රපටය ආරම්භක සති අන්තයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 205 ආදායමක් උපයා ගනිමින් ආරම්භක සති අන්තයකදී වැඩිම අදායමක් උපයාගත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු ඇමෙරිකානු චිත්‍රපටයට හිමි බොක්ස් ඔෆිස් වාර්තාවට අයිතිවාසිකම් කියා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ලොවපුරා තිරගතවීම ආරම්භවී සතියක් ගතවීමටත් මත්තෙන් ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 546 කට වැඩි මුදලක් උපයා ගැනීමට සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් චිත්‍රපටය පසුගිය 30 වැනිදා පමණක් ලෝකය පුරා තිරගත වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 49.6 ක ආදායමක් උපයා ඇති බවත් ඇමෙරිකාව තුළ පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 25.3 ක් උපයා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව මෙතෙක් අඟහරුවාදා දිනයේදී වැඩිම ආදායමක් ඉපැයූ වැඩිහිටියන් වඩාත් සුදුසු චිත්‍රපටය වීමට ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
මෙතෙක් එම වාර්තාවට හිමිකම් කිවේ 2019 වසරේදී තිරගතවූ "ද ජෝකර්" චිත්‍රපටය බවත් එම චිත්‍රපටය අඟහරුවාදා ඉපැයූ අදායම ඇමෙරිකානු ඩොලර් 13.9 ක් බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.