ඩිනාරා 30 under 30 ලැසිස්තුවට



ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ  30 under 30 Asia ලැයිස්තුවට ඇතුළුවීමට  ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා සමත් වූවාය.

මෙම ලැයිස්තුවට ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු ඇතුලත් වී ඇති අතර ඒ සියලු දෙනාම වයස අවුරුදු 30 ට අඩුවීම විශේෂත්වයකි. ආසියා පැසිෆික් කාලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන්  30 under 30 Asia ලැයිස්තුව මගින් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.

කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මෙම ලැයිස්තුවට ඇතුළත් වූවාය. ඩිනාරා පුංචිහේවා, 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වූ 'මාලා' ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියාය. 'මාලා' චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතානයන්ගේ අවධානය ගාඩි චිත්‍රපටය සඳහා ඩිනාරා ට ආරාධනා කර තිබිණි.

ඩිනාරා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණ වීමට අවස්ථාව ලබා දෙන පුංචි ඇක්ටර්ස් නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරියද වූවාය.


RECOMMEND POSTS