ටැන්සානියා ජනපතිගේ මරණය සැකයි



සති තුනක් තිස්සේ අතුරුදන්ව සිටි ටැන්සානියා ජනාධිපති ජෝන් මගුෆුලි අභාවප්‍රාප්ත වූ බව එරට උප ජනාධිපති සමීයා සුලුහු හසාන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් පැවැසීය.

පසුගිය කාලයේ ජනාධිපති ජෝන් මගුෆුලි සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති විය. ඒ, ජනාධිපතිවරයා හිටිහැටියේ අතුරුදන් වුණැයි ජනතාව චෝදනා කරන්න වූ බැවිනි.

ටැන්සානියානු විපක්ෂ නායක සීටෝ කබ්වේ කියා සිටියේ, ජනපතිවරයාට 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී සිහිසුන් ව මරණ මංචකයේ පසුවන බවය.

ජනාධිපතිවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රහසේ ම ඉන්දියාවට ගෙන ගිය බවට ද තමන්ට දැනගන්න ලැබුණැයි විපක්ෂ නායක සීටෝ පැවැසීය.

ජනාධිපති ජෝන් මගුෆුලි, කොරෝනා වසංගතය ගැන තැකීමක් නොකළ අප්‍රිකා රාජ්‍ය නායකයකු ලෙස ප්‍රකටය. ඔහු පසුගිය කාලයේ ජනතාව අතරේ ගැවසුණේ මුහුණු ආවරණ හෝ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් හෝ කිසිදු තැකීමක් නොකරය.

(රොයිටර්)


RECOMMEND POSTS