ට්‍රම්ප්-පුටින් නිවාඩු ගිහිල්ලා



ලෝක බලවතුන් දෙදෙනා වන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රාජකාරි කටයුතු මදකට නවතා නිවාඩුවකට අගනුවරින් බැහැර වී ඇතැයි ඇමෙරිකා සහ රුසියානු පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දින 17 ක නිවාඩුවකට නිව් ජර්සි ජනපදයේ මොරිස්ටවුන් බලා ගියේ මුණුබුරු මිණිපිරියන් ද පිරිවරාගෙනය. රටේ අර්බුද රැසක් තිබියදී ට්‍රම්ප් දින 17 ක නිවාඩුවක් ගැනීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප්ට විවේචන එල්ල වෙමින් පවතී.

මොරිස්ටුව්නි හි ට්‍රම්ප්ට අයත් නිවාඩු නිකේතනයක් සහ ගොල්ෆ් පිටියක් ද ඇත. ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ද සැමියා ජෙරාඞ් සමඟ එම ගමනට එක් වූවාය.

ක්‍රියාශ්‍රීලී ශක්තිමත් නායකයකු බව ලොවට පෙන්වීමට ප්‍රිය කරන 64 හැවිරිදි වියෙහි පසුවන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය නිවාඩුව වෙනුවෙන් සයිබීරියාවට අයත් ටයිවා පළාතේ වනාන්තරයේ සංචාරය කළේ මසුන් අල්ලමින් විනෝද වෙමිනි.

(රොයිටර්)


RECOMMEND POSTS