ජේම්ස් වොට්සන් සමුගනී

ඩී.එන්.ඒ ව්‍යූහය සොයා ගැනීමට සම දායකත්වය ලබාදෙමින් ජාන විද්‍යාවේ නූතන යුගය දියත් කිරීමට උදව් කළ නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ජීව විද්‍යාඥ ජේම්ස් ඩී. වොට්සන් පසුගියදා ලෝන්ග් අයිලන්ඩ් දූපතේදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අභාවප්‍රාප්ත වනවිට ඔහු 97 වැනි වියේ පසුවිය.
බ්‍රිතාන්‍ය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමඟ එකතුවී වොට්සන් ඩී.එන්.ඒ ද්විත්ව හීලික්ස් ව්‍යූහය සොයා ගත්තේය. එම සොයා ගැනීමට 1962 වසරේදී වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයේ සමහිමිකාරීත්වය හිමිවිය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේදී සිදුකළ මෙම සොයා ගැනීම නූතන ජාන විද්‍යාවේ ආරම්භය ලෙසද සැළකේ.

