ජූලි 2 එනවා
බොලිවුඩ් සරාගිනී නේහා ඩෘපියා ප්රධාන චරිත නිරූපණය කළ ජූලි චිත්රපටය 2004 වසරේ මහත් ආන්දෝලනයක් ඇති කළ බොලිවුඩ් සිනමා නිර්මාණයක් විය.
සරාගී දසුන් පිරි ජුලී චිත්රපයට තිරගත වූයේ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේය.
දැන් ජූලි 2 නමින් එහි දෙවැනි කොටස එළිදැක්වීමට සූදානම් බවත්, එහි ප්රධාන නිළිය වනු ඇත්තේ දකුණු ඉන්දීය නිළි රායි ලක්ෂ්මි බවත් බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ.
චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය මේ වනවිට ප්රසිද්ධියට පත් වී ඇත. එය බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණු බව ද පැවැසෙයි.
ජූලි 2 ද ප්රදර්ශනය වන්නේ සරාගී බොලිවුඩ් සිනමා පටයක් ලෙස වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේය.
දීපාක් ෂිව්දාසිනීගේ අධ්යක්ෂණයක් වන ජූලි 2 ලබන සැප්තැම්බර් 4 වැනිදා තිරගත වීමට නියමිතය.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)