ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්
ඇමෙරිකන් විද්‍යා ප්‍රබන්ධ රචක මයිකල් ක්‍රිච්ටන්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකතාව ඇසුරිනි, හොලිවුඩ් සිනමාවේ පෙරැළියක් කරමින්, ස්ටීවන් ස්පීල්බර්ග්ගේ රූප රචනයෙන් හැඩවුණු 1993 දී තිරගත වුණු ‘ජුරාසික් පාර්ක්’ චිත්‍රපටය, චිත්‍රපට ත්‍රිත්වයකින් අවසන් විය. ‘ජුරාසික් පාර්ක්’ මතකය යළි අලුත් වූයේ ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටයෙනි.
පළමු ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපටය තිරගත වූයේ 2015 වසරේදීය. එහි දෙවැන්න ‘ජුරාසික් වර්ලඩ්: ෆෝලන් කින්ඩම්’ 2018 දී තිරගත විය. දැන් ‘ජුරාසික් වර්ලඩ්’ චිත්‍රපට ත්‍රිත්වය ද අවසන් වෙයි. ඒ, ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ හරහාය. ‘ජුරාසික් වර්ලඩ්: ෆෝලන් කින්ඩම්’ අවසන් වූයේ ඩයිනසෝරයන් මිහිමත නිදැල්ලේ සැරිසරමිනි.
‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයට පාදක වන්නේ මනුෂ්‍යයන් සහ යළි ලොව රජ කිරීමට ආ ඩයිනසෝරයන්ගේ ගැටුමය. එම ගැටුම මැද ‘ජුරාසික් වර්ල්ඩ්’ චිත්‍රපට හරහා ජනප්‍රිය වූ චරිතය ඕවන්, ඔහු විසින් කුඩා කළ පුහුණු කළ බ්ලූ නමැති රැප්ටරයාගේ පැටවා බේරා ගැනීමට මෙහෙයුමක යෙදෙයි.
සුපුරුදු පරිදි ඕවන්ගේ චරිතය ක්‍රිස් ප්‍රැට් විසින් ද ඕවන්ගේ පෙම්වතිය ක්ලෙයාගේ චරිතය බ්‍රයිස් හවර්ඩ් විසින් ද රඟ දක්වනු ලබයි. ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටයේ සුවිශේෂීත්වය වන්නේ, පළමු ‘ජුරාසික් පාක්’ චිත්‍රපටයේ ඇලන් ග්‍රාන්ට්, එලී සැට්ලර් සහ ඉයන් මැල්කම්ගේ චරිතවලට පණ දුන් සෑම් නීල්, ලෝරා ඩර්න් සහ ජෙෆ් ගෝල්ඩ්බ්ලම් ඔවුන්ගේ එම චරිතවලට යළි එක් වී සිටීමය.
පැය දෙකයි මිනිත්තු 26 ක ධාවන කාලයකින් යුත් ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’කොලින් ට්රෙව්ලෝව්ගේ අධ්යක්ෂණ හැඩ ගැන්වී තිබේ. හෙට (10) සිට ලොව පුරා තිරගත වන ‘ජුරාසික් වර්ල්ඩ්: ඩොමිනියන්’ චිත්‍රපටය ඩොල්බි ඇට්මොස් ශබ්ද තාක්ෂණය ද සමග කොළඹ සිටි සෙන්ටර් ස්කෝප් සිනමාහලේ දී නැරැඹීමට හැකියාව ලැබේ.