ජිල් බයිඩන්ට කොරෝනා



ඇමෙරිකා ජනාධිපති ආර්යාව, ජිල් බයිඩන් ට යළිත් වරක් ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

72 හැවිරිදි ජනපති ආර්යාව මේ වනවිට ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සිය නිවසේ නිරෝධායනයට ලක් වී සිටින බව ද ධවල මන්දිර නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

ජනාධිපති ආර්යාවගේ රෝගී තත්ත්වය ගැන බියක් නැතැයි ඇය ගැන විමසිල්ලෙන් පසුවන වෛද්‍යවරු පවසති. ජිල් බයිඩන්ට මෙන්ම ජනාධිපති ජෝ බයිඩන්ට ද පළමු වරට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වූයේ පසුගිය වසරේ අගෝස්තුවේය.

මේ වනවිට නව ‘කොවිඞ් 19’ වයිඑසයක් ලොව පුරා ව්‍යාප්තවීමට පටන්ගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

‘පිරෝලා’ යනුවෙන් නම් එම ‘කොවිඞ් 19’ වයිරසය, ‘ඔමික්‍රෝන්’ වයිරසයේ ‘බී.ඒ.2.26’ වයිරසයේ විකෘතිකරණයට ලක් වුණු තවත් උප ප්‍රභේදයකි. ‘පිරෝලා’ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන වයිරසයක් ලෙස වෛද්‍යවරුන් විසින් හඳුනා ගනු ලැබ තිබේ.

මේ වනවිට ‘පිරෝලා’ ඇමෙරිකාවේත්, යුරෝපා රටවලත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ‘පිරෝලා’ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.


RECOMMEND POSTS