ජැකලීන්ගේ ස්ථාවර ගිණුම අත්හිටුවයි



ශ්‍රී ලාංකික බොලිඩුඩ් නිළි 36 හැවිරිදි ජැකලීන් ෆැර්නැන්ඩස්ට අයත් ඉන්දීය රුපියල් කෝටි 7 ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශ නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ, ඉන්දියාවේ නම ගිය අපරාධකරුවකු යැයි චෝදනා ලැබ සිටින, සුකේෂ් චන්ද්‍රශේඛර් සම්බන්ධ, ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ විමර්ශන කටයුතුවලට ජැකලීන්ගේ ස්ථාවර තැම්පතුවක් ද අනයුක්ත බව විමර්ශනවලදී අනාවරණය වූ බැවිනි.

ඉන්දීය කෝටිපති ව්‍යාපාරිකයන් වන ෂිවින්දර් සිං සහ මල්වින්දර් සිං යන අයගෙන් ඉන්දීය රුපියල් කෝටි 200 ක් වංචා කළ බවට සුකේෂ් චන්ද්‍රසේකර්ට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

තමන් වටිනා තෑගි ලබා දී ජැකලීන් වසඟයට ගත් බව සුකේෂ් චන්ද්‍රශේඛර් පිළිගෙන ඇති අතර, එය ආන්දෝලනාත්මක සිදුවීමක් ද විය. මූල්‍ය බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දෙන්නේ, සුකේෂ් චන්ද්‍රශේඛර් වංචා කළ ඉන්දීය රුපියල් කෝටි 200 මුදලින් කෝටි 7 ක් ජැකලීන්ගේ ස්ථාවර තැන්පතුවට ඇතුළත් බවය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS