ගායිකා - නිළි ඔලිවියා නිව්ටන් සමුගනී



1978 තිරගත වුණු ‘ග්‍රීස්’ චිත්‍රපටයේ ජෝන් ට්‍රැවොල්ටා සමග ...

ඔලිවියා සහ ජෝන් ට්‍රැවොල්ටා වසර ගණනකට පසු ...

බ්‍රිතාන්‍යයේ උපන් ඔස්ට්‍රේලියානු ගායිකාවක ලෙසත්, හොලිවුඩ් සිනමා නිළියක ලෙසත් ජනප්‍රිය ඔලිවියා නිව්ටන් ජොන් දිවි ගමන අවසන් කළාය.

73 හැවිරිදි ඔලිවියා පසුගිය වසර 30 පුරා පියයුරු පිළිකාවකින් පීඩා වින්දාය. ඇය මියගියේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි.

ඔලිවියා නිව්ටන් ලොව කාගේත් අවධානයට ලක් වූයේ ‘ග්‍රීස්’ සංගීතමය චිත්‍රපටයේ නළු ජෝන් ට්‍රැවොල්ටාගේ පෙම්වති ‘සැන්ඩි’ගේ චරිතයට පණ පොවමිනි.

‘ගිග්‍රීස්’ යනු 1978 වසරේ තිරගත වුණු සදා අමරණීය සංගීතමය හොලිවුඩ් සිනමාපටයකි.

ඔලිවියා දිවි ගමන අවසන් කළේ කැලිෆෝනියාවේ සැන්ටා නේස් නගරයේ පිහිටි ඇයට අයත් නිවසේ දී යැයි ඇගේ පවුලේ අය පවසයි.

ඔලිවියා දෙවරක් විවාහ වූවායග ඇගේ පළමු සැමියා ඇමෙරිකන් නළු මැට් ලැටෙන්සි ය.

ලැටෙන්සි මියගියේ 1995 දීය. 2008 දී ඔලිවියා යළි විවාහ වූයේ සිනමා නිෂ්පාදක ජොන් එස්ටලිංග් සමඟය. ඔලිවියාට එක් දියණියක සිටී.

(බීබීසී)


RECOMMEND POSTS