කොරෝනා පොසිටිව්: ෂූටින් ගිහිල්ලා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු ලෙස තහවුරු වීමෙන් පසු, නිරෝධායනය පසෙකලා, චිත්‍රපටයක රූගත කිරීම්වලට සහභාගී වුණැයි බොලිවුඩ් නිළි ගෞහාර් ඛාන් ට චෝදනා එල්ල වී තිබේ.

මුම්බායි නගරසභා බලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෞහාර් ඛාන් ට එරෙහිව නීති මගින් පියවර ගන්නා බව මාධ්‍ය හමුවේ පවසා ඇත.

ඔෂිවාරා පොලිසියට, ගෞහාර් ඛාන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර, පොලිස් නිලධාරීන් ගෞහාර් ඛාන්ගේ නිවසට ගිය අවස්ථාවේ ඇය නිවසින් පිටතට පැමිණියේ නැති බව ද පැවැසෙයි.

37 හැවිරිදි ගෞහාර් ඛාන් නිරූපිකාවන ලෙස ජනප්‍රිය වී, බොලිවුඩ් සිනමා නිළියක වූ තැනැත්තියකි. ‘බිග්බොස්’ රියැලටි වැඩසටහනට ද ඇය සම්බන්ධය.

ගෞහාර් ඛාන්ගේ පළමු චිත්‍රපටය වූයේ ‘රොකට් සිං’ ය. ගෞහාර් ඛාන් විවාහ වී සිටින්නේ ඉන්දීය බොලිවුඩ් නළු සයාද් ඩර්බාර් සමඟ ය.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS