කොරෝනා එන්නත බච්චන්ට



බොලිවුඩයේ ප්‍රවීණ නළු අමිතාබ් බච්චන්, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත්තේය.

එන්නත ලබා ගැනීමෙන් පසු, ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමිතාබ් බච්චන්, එන්තත් ලබා ගන්නැයි සිය රසික රසිකාවියන් දිරිමත් කළේය.

78 හැවිරිදි අමිතාබ් බච්චන් පසුගිය වසරේ, ‘කොවිඩ් 19’ ආසාදිතයකු විය. අමිතාබ් බච්චන් පමණක් නොව, ඔහුගේ පුතු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියකු ද වන අභිෂේක් බච්චන් සහ අභිෂේක්ගේ බිරිඳ අයිස්චර්යා බච්චන් සහ ඔවුන් දෙදෙනාගේ දියණිය ද ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී සුවය ලබා සිටිති.

ඇස්වල සුද මතුවීම හේතුවෙන්, කාච දැමීමේ සැත්කම් සඳහා පසුගිව පෙබරවාරියේත් ඉන්පසු මාර්තු මාසයේත් අමිතාබ් බච්චන් අක්ෂි සැත්කම්වලට භාජන විය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS