කිම් ජොන් උන් තෙදරු පියෙක්



මිසයිල වැඩසටහන හේතුවෙන් කාගේත් අවධානයට ලක් වී සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් තෙවැනි වරටත් පිය පදවිය ලැබූ බව උතුරු කොරියානු පුවත් සේවා උපුටා දක්වමින් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් කිම් ජොන් උන් සිය හමුදා ප්‍රධානීන් සහ බුද්ධි අංශ ප්‍රධානීන් ඇතුළු සෙසු ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ වන අතර පසුගිය පෙබරවාරියේ පටන් ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකිණි. ඒ සම්බන්ධයෙන් විවිධාකාරයේ ඕපාදූප පුවත් පළ විය. ඇතැම් ඕපාදූප පුවත් සේවා වාර්තා කළේ කිම් ජොන් උන් බිරිඳ රී සොල් ජූ සමඟ උරණ වී ඇය ඝාතනය කර ඇතැයි කියාය.

කෙසේ නමුත් රී සොල් ජූ ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළැකුණේ දරු ප්‍රසූතිය නිසා බව මේ වන විට තහවුරු වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS