කැලණියට සම්මානයක්



කැලණිය විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සැලසුම් හා නවෝත්පාදන කේන්ද්‍රය, 2023 වසරේ දකුණු ආසියානු යොවුන් (තරුණ) ජල අභියෝගය ජයග්‍රහණය කළේය.

ස්වයංක්‍රීය, අද්විතීය, රැහැන් රහිත, ජල අවේක්ෂණ සහ වැසි ජලය එක් රැස් කිරීමේ පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන්, කැලණිය විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සැලසුම් හා නවෝත්පාදන කේන්ද්‍රය මෙසේ ඇගැයීමට ලක්විය.

මෙම නව පද්ධතිය හරහා ස්වයංක්‍රීයව වැසි ජලය එක් රැස් කර ගැනීම සිදුවෙයි. ඉන්පසු ජලයේ තත්ත්වය පරීක්ෂා කර, ජලාශවලට බෙදා දීමට කටයුතු කෙරේ. මෙම නව ‘ස්මාට්’ පද්ධතිය, ශුෂ්ක සහ වියලි ප්‍රදේශ සහ සම්බන්ධ වෙමින්, ජලයේ ගුණාත්මය පරීක්ෂා කළ හැකිය.

දකුණු ආසියානු යොවුන් (තරුණ) ජල අභියෝගයේ ජයග්‍රාහකයා ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සැලසුම් හා නවෝත්පාදන කේන්ද්‍රය, ඇගයීමට ලක්වූයේ පසුගිය දෙසැම්බර් 11 වැනිදා ඩුබායි පැවැති ‘කොප් 28’ ගෝලීය ජල සහයෝගීතා සමුළුව අතරතුරේය.

පසුගිය දෙසැම්බර් 19 වැනි දා කැලණිය විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී, ප්‍රකාශයට පත් කරන ලද අතර, දකුණු ආසියානු ගෝලීය ජල සහයෝගීතාව ඇතුළු සංවිධායකයන් සහ අනුග්‍රාහක හවුල්කරු වන බ්‍රැන්ඩික්ස් ඇපරල් පෞද්ගලික සමාගම විසින් ජයග්‍රාහී ත්‍යාගය, කැලණිය විශ්ව විශ්ව විද්‍යාලයට අවබෝධතා ගිවිසුමක් මගින් ප්‍රධානය කරන ලදී.

මෙම අවස්ථාවට, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, ලේඛකාධිකාරී කේ.කේ.කේ ධර්මතිලක, ඉලෙක්ට්‍රොනික සැලසුම් හා නවෝත්පාදන කේන්ද්‍රයේ සාමාජිකයන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදත් ආර්.ඩී. කාලිංගමුදලි, විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය රනන්දිනේර, සම පීඨාධිපති මහාචාර්ය රනන්දිනේර, හිරුණි විජේසූරිය මෙනවිය, විශ්වවිද්‍යාලයේ පුබුදු ජයසේකර මහතා සහ තරිඳු ගුරුසිංහ මහතා, ප්‍රාදේශීය සම්බන්ධීකාරක ලාල් ඉඳුරුවගේ මහතා සහ ගෝලීය ජල හවුල්කාරිත්වය දකුණු ආසියාවේ සන්නිවේදන සම්බන්ධීකාරක දිලූකා පියසේන මහත්මිය සහ සමරවීර මලිකා මහත්මිය, සහ ඇපරල් පුද්ගලික සමාගමේ ව්‍යාපෘති ප්‍රධානී සඳුනි විජේවර්ධන මහත්මිය සහභාගී වූහ.

දකුණු ආසියා තරුණ ජල අභියෝගය 2023 ගෝලීය ජල හවුල්කාරිත්වය දකුණු අයිසා සහ බ්‍රැන්ඩෙක්ස් ඇපරල් පුද්ගලික සමාගමේ හවුල් ප්‍රයත්නයකි. කැලණිය විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික සැලසුම් සහ නවෝත්පාදන කේන්ද්‍රය ප්‍රථම ස්ථානයට පත් වූයේ තරුණ අයදුම්කරුවන් 100 ක් අතරිනි.


RECOMMEND POSTS