ක්‍රියාදාම චිත්‍රපට කරන්නේ පුංචි පුතා නිසා



බොලිවුඩ් රජු ෂාරුක් ඛාන් යළිත් වරක් තමන් බොලිවුඩයේ රජු බව  තහවුරු කර අවසන්ය. වසර 3 කට පසු තිරගත වුණු ‘පඨාන්’ සහ මේ තිරගත වෙමින් පවතින ‘ජවාන්’ වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත් වී අවසන්ය.

වසර 3 ක නිහැඬියාවකින් පසු තමන් ‘පඨාන්’ සහ ‘ජවාන්’ වැනි ක්‍රියාදාම චිත්‍රපටවලට යොමු වූයේ තම බාල පුතු අබ්රාම්ගේ කැමැත්ත නිසා යැයි ෂාරුක් පවසා තිබේ. අබ්රාම් වඩාත් ප්‍රිය කරන්නේ ක්‍රියාදාම චිත්‍රපටවලට බවය.

මේ වනවිට, ‘ජවාන්’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක්, ඉන්දීය රුපියල් කෝටි 440 සීමාව පසු කර තිබේ.


RECOMMEND POSTS