ඔස්කාර් සිනමා සම්මාන උළෙල 2021



හොලිවුඩයේ මෙන්ම ලෝක සිනමාවේ ද මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඇකඩමි ඇවෝඩ්ස් හෙවත් ඔස්කාර් සිනමා සම්මාන උළෙල ලොස් ඇන්ජලීස් යූනියන් ස්ටේෂන්හි දී පැවැත්විණි.

93 වැනි වරට පැවැත්වුණු මෙවර සිනමා සම්මාන උළෙල සුවිශේෂී එක්ක විය. ඒ, කොරෝනා වසංගතය හේතුවෙන් සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව එය පැවැත්වීම නිසාය. මීට පෙර මේ අයුරින් ඔස්කාර් සිනමා සම්මාන උළෙලක් පවත්වා නැතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයෙන් ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස් ඩොල්බි රඟහලේදීය. මෙවර, ඇන්ජලීස් යූනියන් ස්ටේෂන් හි පැවැත්වුණු සිනමා සම්මාන උළෙලට නරඹන්නන් හෝ අමුත්තන් හෝ සහභාගීකරවා ගැනුනේ නැත. සම්මාන උළෙල මෙහෙයවීමට  විශේෂිත කෙනකු සිටියේ නැත. නැටුම් ගැයුම් බොහොමයක් දකින්න ලැබුණේ ද නැත.

යූනියන් ස්ටේෂන් වෙත පැමිණ සිටියේ නාම යෝජනා ලැබුණු නළු නිළියන් සහ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සීමිත පිරිසක් පමණි.

එසේ පැමිණි පිරිස අසුන් ගන්වා තිබුණේ සමාජ දුරස්ථභාවය රැක ගනිමින් එක් මේසකට දෙන්නා හෝ තුන්දෙනා බැගිනි. මුහුණු ආවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක නොවුණු නමුත් නළු නිළියෝ බොහො දෙනෙක් මුහුණු ආවරණ පැලඳ සිටියහ.

සම්මාන උළෙලට ආරාධනා ලැබූ බොහෝ දෙනකු ලොස් ඇන්ජලීස් වෙත පැමිණ නොසිටි අතර ඔවුහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්මාන උළෙල සමඟ එක් වූහ.

මෙවර හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිවන්නේ කාටදැයි නිවේදනය කළේ පසුගිය වසරේ හොඳම අධ්‍යක්ෂකවරයා ඳ 'පැරසයිට්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ බොංග් ජෝ හෝ ය. මොහු දකුණු කොරියානුවෙකි. මෙවර හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිවන්නේ කාටදැයි බොංග් ජෝ හෝ නිවේදනය කළේ දකුණු කොරියාවේ සිට සජීවීව වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධ වෙමිනි.
මෙවර හොඳම සිනමා අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ කන්තාවකි. ඔස්කාර් සිනමා සම්මාන උළෙලකදී කාන්තා අධ්‍යක්ෂකවරියකට, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමුවුණු දෙවැනි අවස්ථාව මෙයයි.

මෙවර හොඳම අධ්‍යක්ෂකවරිය ලෙස සම්මානයට ප්‍රාත වූයේ චීනයේ උපන් ඇමෙරිකාවේ හැදී වැඩුණු සිනමාකාරියකි. ඇය කෝල් සාහෝ ය.

ඒ අනුව, ආසියානු සම්භවයක් ඇති තැන්තියක ඔස්කාර් සිනමා සම්මාන උළෙලකදී හොඳම අධ්‍යක්ෂකවරිය ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.

කෝල් සාහෝ ට සම්මාන හිමිවූයේ 'නොමැඩ්ලෑන්ඩ්' චිත්‍රපටය වෙනුවෙනි. මෙම චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙසින් ද මෙවර සිනමා සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර විය.

හොඳම නළිය ලෙස ෆ්‍රැන්සෙස් මැක්ඩෝර්මැන්ඩ් සහ හොඳම අධ්‍යක්ෂවරිය කෝල් සාහෝ

'නොමැඩ්ලෑන්ඩ්' චිත්‍රපටයට රංගනයෙන් එක්වුණු ෆ්‍රැන්සෙස් මැක්ඩෝර්මැන්ඩ් හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය. ෆ්‍රැන්සෙස් මැක්ඩෝර්මැන්ඩ් දිනූ සිවුවැනි ඔස්කාර් සම්මානය මෙයයි.


 ඇන්තනි හොප්කින්ස්

හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ 'ෆාදර්' චිත්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන ඇන්තනි හොප්කින්ස්ය. ශ්‍රීමත් ඇන්තනි හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඔස්කර් සම්මානය දිනූ දෙවැනි අවස්ථාව මෙයයි.

පළමු වරට ඔහු හොඳම නළුවා ලෙස සම්මානය දිනා ගත්තේ 'සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස්' චිත්‍රපටයෙන් පසුවය. 83 හැවිරිදි ඇන්තනි හොප්කින්ස් ඔස්කර් සම්මානයට පාත්‍රව වූ වයස්ගතම නළුවා ද වෙයි.

පසුගිය වසරේ රඟමඩලෙන් මෙන්ම දිවි මඩලෙන් ද බැස ගිය නළු නිළියන් බොහෝ දෙනකු සිහිපත් කිරීම මෙවර සම්මාන උළෙලේ විශේෂ අවස්ථාවක් විය.

එසේ සිහිපත් කළ දක්ෂ නළුවන් දෙදෙනකු වන්නේ බොලිවුඩ් මෙන්ම හොලිවුඩ් නළු ඉෆ්රාන් ඛාන් සහ මාවල් බැලැක් පැන්තර් නළු චැඩ්යික් බෝස්මන්ය. හොඳම නළුවාට හිමි නාම යෝජනා අතරේ චැඩ්යික් බෝස්මන් ද විය. ඒ, 'බැල්ක් බොටම්' චිත්‍රපටය වෙනුවෙනි.

චැඩ්වික් බෝස්මන් 'බැල්ක් බොටම්' චිත්‍රපටය වෙනුවෙන් කළ රංගනය.

සම්මාන උළෙලේ දී හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ 'මින්හාරී' චිත්‍රපටයට එක්වුණු යූ ජුංගු යුවාන් ය. හොඳම සහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඇමෙරිකන් කළු ජාතික ඩැනියෙල් කලූයා ය. ඒ, 'ජුදාස් ඇන්ඩ් ද බ්ලැක් මසායා' චිත්‍රපටය වෙනුවෙනි.

යූ ජුංගු යුවාන් කොරියානු ජාතික නිළියක වන අතර, කොරියානු ජාතික නිළියක ඔස්කාර් සම්මාන උළෙලක හොඳම සහාය නිළිය ලෙස සම්මානය දිනූ පළමු අවස්ථාව මෙයයි. සම්මාන උළෙලට පැමිණි යූ ජුංගු යුවාන් ට ජනප්‍රිය නළු බ්‍රැඩ් පිට් හමුවුණු අතර දෙදෙනා ඡායාරූප කීපයකට ද පෙනී සිටියහ.


RECOMMEND POSTS