එල්විස් දියණිය දිවියෙන් සමුගනී



ලොව සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා මරී ප්‍රෙස්ලි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වූවාය. ඇගේ වයස අවුරුදු 54 ක් බව පැවැසෙයි.

සිය ලොස් ඇන්ජලීස් නිවසේදී හෘදයාබාධයක් හට ගැනීමෙන් පසු ලීසා මරී ප්‍රෙස්ලි රෝහල් ගත කෙරුණු නමුත් පැය කීපයකට පසු ඇය මියගිය බවත් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

ලීසා මරී ප්‍රෙස්ලි ද වෘත්තිය ගායිකාවකි. ඇය ගායිකාවක ලෙස ජනප්‍රිය වූයේ 2003 වසරේදීය. ඇය සිවුවරක් විවාහ වී ඇති අතර දරුවන් සිවු දෙනකුගේ මවකි.

ඇගේ එකම පුතු මියගියේ පසුගිය 2020 වසරේදීය. ලීසා මරී ප්‍රෙස්ලි, අසහාය පොප් ගායක මයිකල් ජැක්සන් සමඟ ද විවාහ වී සිටියාය.

(රොයිටර්)


RECOMMEND POSTS