ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රිගේ විවාහය කල් යයි



ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රීඩිකාවක වන ස්මිත්‍රි මන්දනා ඇගේ විවාහ මංගල උත්සවය කල් දැමීමට තීරණය කර ඇත. 

මන්දනා විවාහවීමට නියමිතව සිටියේ පසුගිය 23 වැනිදාය. සියලු කටයුතු සූදානම් වෙද්දී, මන්දනාගේ පියා රෝගී විය. ඒ හෘදයාබාධයක් හේතුවෙනි.

පියා ශ්‍රී නිවාස් කඩිනමින් රෝහල්ගත කළ බවත් ඔහුගේ තත්ත්වය යහපත් බවත් පැවැසිණි.

මන්දනා විවාහ වීමට සූදානමින් පසුවන්නේ ඉන්දියාවේ ජනප්‍රිය තරුණ සංගීත අධ්‍යක්ෂවරයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ද වන පලාෂ් මුචල් සමඟය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට පලාෂ් මුචල් ද රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය. ඒ වයිරස ආසාදනයක් හේතුවෙනි.


RECOMMEND POSTS