ඉන්දියාවේ ට්‍රාන්ස් ක්වීන්



ඉන්දියාවේ ලිංග පෙරැළිවලට ලක්වූවන් අතරින් සුරූපී තැතැන්තිය තේරීමේ ට්‍රාන්ස් ක්වීන් තරගාවලිය පසුගිය දා පැවැත්විණි.

ට්‍රාන්ස්ක්වීන් ලෙස කිරුළු පැළැඳියේ නිටාෂා නමැත්තියයි. තරගාවලිය පැවැත්වූයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට නුදුරින් පිහිටි ගොර්ගෝන් පළාතේය.

ඉන්දියාවේ ලිංග පෙරැළිවලට ලක්වූවන් බහුලව වාසය කරන්නේ ද මෙම ගොර්ගෝන් පළාතේ යැයි ද පැවැසෙයි.

ට්‍රාන්ස්ක්වීන් තරගාවලිය වාර්ෂිකව පවත්වන බව එහි සංවිධායකයෝ පෙන්වා දෙති.

ජාත්‍යන්තර ට්‍රාන්ස්ක්වීන් තේරීමේ තරගාවලියක් ද පැවැත්වෙයි. එය ද වාර්ෂිකව පැවැත්වෙයි. ලබන 2018 වසරේදී එම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ තායිලන්තයේය.

නිටාෂා ඉන්දියාව නියෝජනය කරමින් එම තරගාවලියට ඉදිරිපත් වීමට නියමිත බව ද පැවැසෙයි. ලොව රටවල් කිහිපයකින් ලිංග පෙරැළිවලට ලක් වුණු සුරූපිනියන් මෙම තරගාවලියට ඉදිරිපත් වන බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS