ඇමෙරිකන් ජනපති ආර්යාවට පිළිකාවක්



ඇමෙරිකා ජනාධිපති ආර්යා ජිල් බයිඩන් සැත්කමකට භාජන කළ බවත්, වෛද්‍යවරුන් ඇගේ සිරුරින් පිළිකා සෛල ඉවත් කළ බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසා තිබේ.

එක් සැත්කමක් සිදු කර ඇත්තේ ජිල් බයිඩන්ගේ දකුණු ඇස අසල මුහුණේය. එය චර්ම පිළිකා තත්ත්වයකි.

දෙවැනි සැත්කමින් වම් පියයුරට ඉහළින් වූ ගැටිත්තක් ඉවත් කෙරුණි. සැත්කම් දෙකම විනාඩි කීපයකින් අවසන් වුණු බවත් පිළිකා සෛල සිරුරින් ඉවත් කිරීම වෛද්‍යවරුන් සමත් වූ බවත් ධවල මන්දිර වෛද්‍යවරයා පැහැදිලි කර තිබේ.

සැත්කම සිදු කෙරුණේ වොෂින්ටන් අගනුවරට ඔබ්බෙන් ‘වෝල්ටර් රීඞ්’ ජාතික වෛද්‍ය මධ්‍යස්ථානයේදීය. ජිල් බයිඩන් වෛද්‍ය මධ්‍යස්ථානය බලා ගියේ ජනාධිපති සැමියා ජෝ බයිඩන් ද සමඟය.

(රොයිටර්)


RECOMMEND POSTS