ඇන්ජෙලා මර්කල්ගේ සමුගැනීම



දේශපාලන සහ ආර්ථිකමය වශයෙන් නිවැරදි තීන්දු තීරණ ගනිමින්, වසර 18 ක් තිස්සේ, මිලියන 80 ක් ජර්මන් වැසියන්ට නායකත්වය දුන් එරට චාන්සල්වරිය, ඇන්ජෙලා මර්කල් පසුගිය දා සිය ධුරයෙන් සමුගත්තේ ජර්මන් වැසියන්ගේ ගරු බුමුහන් මධ්‍යයේය.

66 හැවිරිදි මර්කල්, පාලක ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් පක්ෂ නායකත්වයෙන් මෙන්ම, චාන්සල් ධුරයෙන් ද සමුගන්නා බව නිවේදනය කර තිබුණේ පසුගිය පෙබරවාරියේය.

ඒ අනුව, පාලක ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් පක්ෂය,  නව නායකයා ලෙස ආමින් ලචෙට් පත් කර ගත්තේය. 66 හැවිරිදි ලචෙට් අත්දැකීම් බහුල, ජනප්‍රිය දේශපාලනඥයකු වන අතර, මර්කල්ගේ සමීපතමයකි.  මර්කල්ගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑමට ඔහුට කටයුතු කරනු ඇතැයි ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජර්මන් ෆෙඩරල් මැතිවරණය මෙම වසරේ සැපැත්ම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එහිදී ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් පක්ෂයේ නව නායක ලෙස ආමින් ලචෙට්, ජර්මන් චාන්සල් ධුරය සඳහා තරඟ වදිනු ඇත.

ඇන්ජෙලා මර්කල්, ජර්මන් චාන්සල් ධුරයට පත් වූයේ 2005 වසරේ පැවැති ෆෙඩරල් මැතිවරණයෙනි. මාර්කල් සිය ධුරයෙන් සමුගැනීමට පෙර, සමුගැනීමේ කතාවක් පවත්වමින් කියා සිටියේ, තමන් තම වගකීම් නිසි ලෙස ඉටු කරමින්, ජර්මන් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කටයුතු කළ බව බවය.

මර්කල්ගේ සමු ගැනීමේ කතාව සජීවීව, ජර්මන් පුවත් නාළිකා ඔස්සේ විකාශය විය. එය අවසන් වෙද්දී, මර්කල් ඉදිරිපිට සිටි පිරිස් පමණක් නොව, නිවෙස්වල සිටි පිරිස් ද අසුන්වලින් නැගිට, ඇය වෙනුවෙන් ස්තුතිය පළ කරමින් මිනිත්තු 6 ක් නොකඩවා අත්පොළසන් දුන් බව ජර්මන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇන්ජෙලා මර්කල් ජීවත් වන්නේ සිය දෙවැනි සැමියා ජොවාහින් සවුවා සමඟය. යුවළට දරුවන් නොමැති අතර, නිවසේ සේවය කිරීමට සේවක සේවිකාවන් ද නැත. තමන් නොමැති විට සැමියා ඉහුම්පිහුම් කටයුතු සිදු කරන බවත්, නිවසේ රෙදි සේදීමේ කටයුතු තමන් කරන බවත් ඇන්ජෙලා එක් අවස්ථාවක මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුවාය.

'ඔබතුමිය එකම ඇඳුම අවස්ථා කීපයකදී අඳිනවා දකින්න ලැබෙනවා. ඒ ඇයි? යනුවෙන්, එම මාධ්‍ය සාකච්ඡාව මෙහෙය වූ නිවේදකයා ඇන්ජෙලා මර්කල්ගෙන් විමසීමක් කළේය. 'මා නිරූපිකාවක නොවෙයි. මා මහජන සේවිකාවක්. මට තියෙන්නේ ඇඳුම් කට්ටල දෙක තුනයි. මට ඒ ඇති' යැයි මාර්කෙල් ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය.

(රොයිටර්)


RECOMMEND POSTS