ආලියාට රන්බීර්ට මංගල සීනු



බොලිවුඩයේ ජනප්‍රිය නළු නිළි යුවළ ආලියා භාත් සහ රන්බිර් කපූර්ගේ මංගල උත්සවය ඊයේ (14) ඉන්දියාවේ මුම්බායි නුවර දී පැවැත්විණි.

එය ඉතා චාම් මංගල උත්සවයක් වූ අතර, සහභාගී වූයේ ආලියාගේ සහ රන්බීර්ගේ පවුලේ අය සහ සමීපතම යහළුවන් පමණි. මංගල උත්සවය පැවැත්වූයේ ආලියා සහ රන්බීර්ගේ මුම්බායි නුවර නවාතැනේදීය.

මංගල උත්සවයෙන් අනතුරුව, යුවල ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ අතර, ඒවා බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

සහෝදර නළු නිළියන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු බොලිවුඩ් සිනමාවට සම්බන්ධ බොහෝ දෙනකු පමණක් නොව, ආලියාගේත් රන්බීර්ගේත් රසික රසිකාවියන් ද නව යුවළට සුබ පැතුම් එක් කර තිබේ.

ආලියා සහ රන්බීර් පෙම්වතුන් ලෙස රංගනයෙන් එක් වන්නේ එක් චිත්‍රපටයකට පමණි. ඒ, 'බ්‍රහ්මස්ත්‍ර' Brahmastra චිත්‍රපටයයි. එය ඉදිරියේ චදී තිරගත වනු ඇත.

පෙම්වතුන් ලෙස ආලියා සහ රන්බීර් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ 2018 වසරේ සෝනම් කපූර් සහ ආනන්ද් අහුල්ජාගේ මංගල උත්සවය දා සිටය. 2020 වසරේ මාධ්‍ය සාකච්ඡාවකදී රන්බීර් කියා සිටියේ ආලියා තමන්ගේ පෙම්වතිය බවත්, 'කොවිඩ් 19' වසංගතය දෙදෙනාගේ මංගල්‍යයට බාධාවක් වුණු බවත්ය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS