ආජන්ටිනාවේ නව ජනාධිපති



ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වුණු අතර, සියයට 55 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමින්, ජයග්‍රහණය කළේ ස්වාධීන මතධාරී හවියේ මිලෙයි ය.

ආජන්ටිනා ජනාධිපතිවරණයේ පළමු වරට පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේය. දෙවැනි වටයකට යෑමට සිදුවූයේ පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකු සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට අපොහොසත් වූ බැවිනි.

දෙවැනි වටය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනූ මුදල් අමාත්‍ය ධුරය හෙබවූ සර්ගියෝ තෝමාස් මසා සහ හවියේ මිලෙයි අතරේය. සර්ගියෝ තෝමාස් මසා ට හිමි කර ගැනීමට හැකිවූයේ සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

ලතින් ඇමෙරිකාවට අයත් ආජන්ටිනාව, දැඩි ආර්ථික අර්බුදයකින් හෙම්බත් වී සිටින රාජ්‍යයකි. දැඩි ලෙස අඩපණ වී කඩා වැටුණු රටේ ආර්ථිකය පණ ගැන්වීම තම ප්‍රධාන අරමුණ බව ජය සමරමින්, තම පක්ෂ ආධාරකරුවන් අහතමින්, හවියේ මිලෙයි පැවැසුවේය.

දක්ෂිණාංශික නව ලිබර්වාදියකු වන සර්ගියෝ තෝමාස් මාසා, හවියේ මිලෙයිගේ ජයග්‍රහණය ප්‍රකික්ෂේප කර ඇතැයි ද පැවැසෙයි. මාසාගේ ආධාරකරුවන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිලිගැනීමට නොහැකි බව පවසමින් විරෝධතා ආරම්භ කර ඇතැයි ද ආජන්ටිනා මාධ්‍ය වාර්තා කර තිබේ.


RECOMMEND POSTS