අසැබි නිළිය හදිසියේ මියයයි



වෘත්තීය අසැබි නිළියක ලෙස ප්‍රකට, සොපියා ලියොන් හදිසියේ මියගොස් ඇති බවත් ඇගේ මරණය අබිරහසක් බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

පොලිසියට සොපියා ලියොන්ගේ සිරුර හමුවී ඇත්තේ පසුගිය පළමු වැනිදා, ඇය වාසය කළ මහල් නිවාසයෙනි. මියයනවිට ඇගේ වයස අවුරුදු 26 කි.

පවුලේ අය සමඟ හිටිහැටියේ සම්බන්ධයක් නොමැති බැවින්, පවුලේ අය, සොපියා ගැන සොයා බලන්නැයි පොලිසියට පවසා තිබේ. පොලිසිය ඇගේ නවාතැනට පැමිණෙද්දී සොපියාගේ සිරුර හමුවුණු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත.

සොපියා ලියොන් යනු මෙක්සිකෝ සම්භවයක් ඇති යුවතියකි. ඇය උපත ලැබුවේ 1997 ජූනි 10 වැනිදා ය. සොපියා, වෘත්තීය අසැබි නිළියක් ලෙස රංගනයට එක් වී ඇත්තේ අවුරුදු 18 දීය. ඇය පෙනී සිටින අසැබි වීඩියෝ 230 කට වැඩි ගණනක් ඇත.

(ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS