අලුත්ම ක්‍රියාදාමය ‘හාට් ඔෆ් ස්ටෝන්’



Netflix හරහා එළිදැක්වුණු නවතම ක්‍රියාදාම චිත්‍රපටය 'හාට් ඔෆ් ස්ටෝන්' Heart of Stone ය. පැය දෙකයි මිනිත්තු 3 ක ධාවන කාලයක් සහිත 'හාට් ඔෆ් ස්ටෝන්', බ්‍රිතාන්‍ය සිනමාකරුවකු වන ටොම් හාපර්ගේ අධ්‍යක්ෂණයකි.

'හාට් ඔෆ් ස්ටෝන්' කවුරුත් පුලපුලා බලා සිටි ක්‍රියාදාම චිත්‍රපටයකි.

Netflix හරහා එළිදැක්වුණු ක්‍රියාදාම චිත්‍රපට බොහොමයකි. ක්‍රිස් හෙම්ස්වර්ත් ප්‍රධාන චරිත නිරූපණය කරන 'එක්ස්ට්‍රැක්ෂන්' 1 සහ 2, චාලීස් තෙරොන් ප්‍රධාන චරිත නිරූපණය කරන 'ඕල්ඩ් ගාඩ්' සහ රයන් ග්‍රොස්ලිං ප්‍රධාන චරිත නිරූපණය කරන 'ග්‍රේමෑන්' පසුගිය වසරවල Netflix හරහා එළිදැක්වුණු අතිශය ජනප්‍රිය වූ ක්‍රියාදාම චිත්‍රපට කීපයකි.

'හාට් ඔෆ් ස්ටෝන්' ද ඒ අතරට එක්වනු ඇති අතර, එහි දෙවැන්නක් ද බලාපොරොත්ත විය හැකිය.

'හාට් ඔෆ් ස්ටෝන්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රේචල් ස්ටොන් නමැති රහස් ඒජන්තවරියයි. රේචල්ගේ චරිතයට පණ පොවන්නේ ඊශ්‍රායල හොලිවුඩ් නිළි ගැල් ගැඩොට් ය.

'බොන්ඩ්' චිත්‍රපට නිලියක ලෙස රංගනයට පිවිසීමට සූදානමින් සිටි ගැල් ගැඩොට් ට එම අවස්ථාව ලැබුනේ නැත. කෙසේ නමුත් ඇය හොලිවුඩයට අවතීර්ණ වූයේ 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස්'  චිත්‍රපට මාලාවේ සිවුවැනි චිත්‍රපටය ඔස්සේය.

ලොකු කුඩා කා අතරේත් ගැල් ගැඩොට් වඩාත් ජනප්‍රිය 'ඩීසී' චිත්‍රකතා වීරවරිය ‘වොන්ඩර් වුමන්’ගේ චරිතයට පණ පෙවීම නිසාය.

‘හාට් ඔෆ් ස්ටෝන්’ චිත්‍රපටය, පෘතුගාලයේ අයිස්ලන්තයේ මොරොක්කෝවේ සහ ඉතාලියේ රූගත කර තිබේ. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ සුපිරි පරිගණකයක් වටාය. 'හාට්' නමැති මෙම කොන්ටම් පරිගණකයට කළ නොහැක්කක් නැත. ඕනෑම තොරතුරක් ලබා ගත හැකිය.

මෙම සුපිරි කොන්ටම් පරිගණකය යොදා ගනිමින් අපරාධ නවත්වමින් අපරාධකරුවන්ට එරෙහිව නැගී සිටින කණ්ඩායම හැඳින්වෙන්නේ 'චාටර්' යන නමිනි. රේචල් ස්ටොන් ඔවුන්ගේ එක් නියෝජිතයෙකි.

‘හාට් ඔෆ් ස්ටෝන්’ චිත්‍රපටයේ සුවිශේෂීත්වය වන්නේ බොලිවුඩ් නිලි ආලියා බාත් ද එහි ප්‍රධාන චරිතයකට පණ පෙවීමය.

ආලියා පණ පොවන්නේ, කේයා ධවාන් නමැති පරිගණක හැකර්වරියගේ චරිතයයි. චරිතාංග නිළියක ලෙස බොලිවුඩයේ නමක් දිනා සිටින ආලියාගේ පළමු හොලිවුඩ් චිත්‍රපටය මෙයයි.


RECOMMEND POSTS