අමිතාබ්ට අභිෂේක්ට කොරෝනා



බොලිවුඩයේ සුපිරි නළුවන් වන අමිතාබ් බච්චන් සහ පුතු අභිෂේක් බච්චන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයකු බවත් රෝහල්ගත වීමට සිදුවුණු බවත් අමිතාබ් බච්චන් පවසා ඇත. ඒ, සිය ට්විටර් ගිණුම හරහාය. තමන් ද කොවිඩ් 19 ආසාදිතයකු යැයි පුතු අභිෂේක් බච්චන් ට්විටර් හරහා පවසා ඇත්තේ ඉන්පසුවය.

77 හැවිරිදි වියෙහි පසුවන අමිතාබ් දශක පහක් පුරා බොලිවුඩ් සිනමා නිර්මාණ 200 කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වී සිටී. අබිතාබ් රසික හදවත් දිනා ගත්, විචාරකයන්ගේ පැසැසුමට ලක්වන බොලිවුඩ් සුපිරි තරුවකි.

අමිතාබ් සහ පුතු අභිෂේක් (44) ඇතුළත් කරනු ලැබ ඇත්තේ මුම්බායි නනවාතී රෝහලටය. රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දෙදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවය.

පසුගිය දින 10 ඇතුළත තමන් ළඟින් ඇසුරු කළ පුද්ගලයන් සිටින්නේ නම් කොරෝනා පරීක්ෂණවලට යොමු වන්නැයි පිය පුතු දෙදෙනා ට්විටර් පණිවුඩ හරහා ඉල්ලීමක් ද කර තිබේ.

මුම්බායිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS