අම්මා කෙනෙක් වෙන්න හිටියත් රඟපෑම නතර කරන්නේ නෑ‘ - කරීනා කපූර්
‘‘ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මම සාමාන්‍ය ජීවිතය වෙනස් කරන්නේ නැහැ. මම වැඩකරන ගැහැනු කෙනෙක්. රංගනය තමයි මගේ රැකියාව. ඒ රැකියාවට මම ආදරෙයි වගේම ඒ ගැන මම උනන්දු වෙනවා. මට නිළියක් වෙන්න ඕන වෙන්න ඇත්තේ මම මගේ අම්මාගේ බඩේ ඉන්න කාලෙදීම වෙන්න ඇති....මෙහෙම කියන්නේ බොලිවුඩයේ ඉන්නා සුපිරි කාරාකාවක් ..ඒ වෙන කවුරුවත් නෙමෙයි කරීනා කපූර් ඛාන්.
කරීනා කපූර් ඛාන් ගැබිනියක් කියන ප්‍රවෘත්තිය දැන් ටිකක් පරණයි. ඉන්දියාව විතරක්ම නෙවෙයි ලෝකයේ බොහෝ රටවල ඉන්න කරීනාගේ රසිකයන්ට පරණ වුණු මේ ප්‍රවෘත්තියේ අලුත්ම කතා කීපයක්ම තියෙනවා. මේ ඉපදෙන්න යන්නේ කරීනාගේ පළමු දරුවා වුණත් සයිෆ් අලී ඛාන්ට නම් දරු සුරතල් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි.
මේ දෙසැම්බර් මාසයේදී සිදුවන දරු උපත විශේෂයි. ඒක නිසාම සයිෆ්ගෙන් කරීනාට ලැබෙන ආදරය ආරක්ෂාව නිමක් නැහැ. කරීනා කොහේ ගියත් පිටුපසින් ඉන්න සයිෆ් මුහුණේ සිට සිරුරේ සෑම ඉරියව්වකින්ම තමන්ගේ වගකීම ප්‍රදර්ශනය කරනවා. නමුත් මවක් වෙන්න ඉන්න කරීනා නම් කියන්නේ වෙනස් කතාවක්.
ඉතින් මට අවුරුදු අසූවක් වෙනකල් මොනම හේතුවක් නිසාවත් රඟපෑමෙන් ඈත් වෙන්නේ නෑ. ගැබිනි මවක් දරුවා ලැබෙනතුරු වැඩ ඔක්කොම අතහැරලා විවේකයෙන් ඉන්න ඕනෙයි කියනවා නම් ඒක මිථ්‍යාවක්.එහෙම කියන කරීනා මේ වසරේ ඔක්තෝබර් මාසයේ අලුත්ම චිත්‍රපටයක රූගත කිරීම් සඳහා සූදානම් වනවා. ‘‘ වීරේ දි වෙඩින් ‘‘ නම් මේ චිත්‍රපටයේ ගර්භණී මවකගේ චරිතය රඟපෑමට අවස්ථාව ලැබීමත් විශේෂත්වයක් වනවා.
මේ රංගනය මට සුළු දෙයක්. ඇත්තටම ඒ චරිතය මම සතුටින් භාර ගත්තා. මම අම්මා කෙනෙක් වෙන්න ඉන්නවා කියන එක මේ චරිතයට ප්‍රශ්නයක් නෙවෙයි. මගේ උදරය හංගන්න ඕන නෑ. ඉපදෙන්නත් කලින්ම මගේ පුතත් දැන් මං එක්කම රඟපානවා. ඇත්තටම මම රඟපාන්න ඕන ගැබිනි මවකගේ චරිතයක්’ චිත්‍රපට කණ්ඩායම මං වෙනුවෙන් විශේෂයෙන් පහසුකම් සපයන්නත් සූදානමින් තමයි ඉන්නේ. මගේ ගැබිනි මව චිත්‍රපටයේ ගැබිනි චරිතයට එකතු වීමේදී චිත්‍රපට කණ්ඩායමටත් විශේෂ අත්දැකීමක් වෙයි.
කරීනා තමන්ගේ රසිකයන්ට වගේම, මාධ්‍යවේදීන්ටත් කිව්වේ, තමන් ගැබිනියක්ව සිටියත් නොසිටියත් මේ චරිතය රඟපාන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලයි.කොහොම වුණත් කරීනා මවු පදවියට ගැළපෙන විදියට සිය විලාසිතා වෙනස් කරගෙන තිබෙනවා. දිගු ගවුම් සහ ළා වර්ණ ගවුම්වලින් සැරසුණු ඡායාරූප පෙළ කරීනාගේ ඒ වෙනසට උදාහරණ ලෙසින් අන්තර්ජාලය පුරා හුවමාරු වෙනවා.
නමුත් පාවහන් ගැන කතා කරන විට නම් ගර්භණී බවේ අවදානම ගැන නොසිතාම කරීනා අඩි උස පාවහන් පලඳින්න තවමත් ප්‍රියතාවක් දක්වනවා. පසුගිය දවසක කරීනා සහභාගි වුණු විශේෂ අවස්ථාවකදී අඩි උස පාවහන් සහිතවම කරීනා කැමරා ඇසට හසුව තිබුණා.
චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රඟපෑ කරීනා දැන් ගර්භණී මවක් වීම නිසා ත 4 චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මඟහැරුණා. මුලින්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කරීනාව තෝරාගෙන තිබුණත්, ඇය ගර්භණී නිසාම ඇය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට සුදුසු වුණේ නැහැ. නමුත් Golmaal 4 චිත්‍රපටයේ ගීතයක විශේෂ කොටසක් සඳහා කරීනා ආරාධිත රංගන ශිල්පිනියක් ලෙස දායක වෙනවා.
තමන්ගේ ගර්භණී බව නිසාම මාධ්‍ය ටිකක් වැඩියෙන් ඇය වටා කැරකෙන බව කරීනා මතක් කරන්නේ සිනහමුසු මුහුණින්.
ෆිල්ම්ෆෙයාර් සගරාව ඇසුරෙනි.
( තිළිණි ද සිල්වා )