අමරසිරි කලංසූරිය සමුදෙයි



සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නළු අමරසිරි කලංසූරිය මහතා අද අභාවප්‍රාප්ත විය. 

ඔහු 1969 වසරේ "රැයක් දවාලත්" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය. 

කලංසූරිය මහතා "හන්තානෙ කතාව", "අක්කර පහ", "නිම් වළල්ල"  "අහස් ගව්ව"  "බඹරු ඇවිත්", "පොඩි මල්ලි", "අනූපමා"  "අපේක්ෂා", "පරිත්‍යාගය" , "පෙම් රජ දහන" ආදී චිත්‍රපට රැසකට ඔහු රංගනයෙන් දායක විය.

ඔහු  ශ්‍රී ලංකාවේ මුල්ම ටෙලි නාට්‍යය වන "දිමුතු මුතු" හි ජයසේනගේ චරිතයෙන් මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙස ඉතිහාස ගත වූවේය. 

දීපශිකා, සරසවිය, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වන ඔහු කොළඹ, රුහුණු සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලින්ද විශේෂ ඇගයීම් ලැබීය.

ඔහුගේ පුත් දුමින්ද කලංසූරිය දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. 

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS