අප්‍රේල් පළමු වැනිදා ‘සනී ලියොන්’ විහිළුවක්



අප්‍රේල් පළමු වැනිදා එනම් ‘මෝඩයන්ගේ දිනය දා’ බොහෝ රටවල පුවත් සේවා පමණක් නොව පුවත් වෙබ් අඩවි පවා ජනතාව මෝඩයන් කරමින් පුවත් පළ කර තිබුණු අතර, ඇතැම් ඉන්දීය පුවත් සේවා ජනතාව මුලා කිරීමට සනී ලියොන් යොදා ගත්තේය.

ඒ, ලබන පස් වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රෙමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හැඩ ගැන්වීමට සනී ලියොන් ද එක් වන බව පවසමිනි. මෙවර ඉන්දීය ප්‍රෙමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගී වෙයි.

සනී ලියොන් බැංගලෝරයේ රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ‘ඔල්වරසන්දෙන්නියක’ ලෙස තරගාවලිය නැරැඹීමට පැමිණෙන පිරිස් අමන්දානන්දයට පත් කරනු ඇතැයි එම පුවතේ සඳහන් විය.

(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)

 


RECOMMEND POSTS