අතුරුදන් වුණු තක්කාලි ගෙඩි දෙක හමුවෙලා



ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ පර්යේෂණාගාරයක් තුළ හිටිහැටියේ අතුරුදන් තක්කාලි ගෙඩි දෙකක් වසරකට පසු යළි හමුවී ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ රඳවා ඇත්තේ මීටර් 400 ක් ඉහළින් පෘථිවි කක්ෂයේය. මාරුවෙන් මාරුවට ගගනගාමීන් මෙහි ගොස් රැඳී සිටින්නේ විවිධාකාරයේ පර්යේෂණ සිදු කරමින් සහ අභ්‍යවකාශ නැවැතුම්පොළේ නඩත්තු කටයුතු සිදු කරමිණි.

2022 වසරේ දී නාසා ගගනගාමී රූබියෝ දින 371 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියේය. එම කාලයේ ඔහු පර්යේෂණාගාරයක, පස් භාවිතයට නොගනිමින් තක්කාලි වගාවක් ආරම්භ කළේය. පස් නොමැතිව බෝග වලා කිරීමේ මෙම නව ක්‍රමවේදය හැඳින්වෙන්නේ එක්ස් රූට්ස් යනුවෙනි.

අභ්‍යවකාශයේ පළමු තක්කාලි වගාව ලෙස ද රූබියෝගේ මම තක්කාලි වගාව සැලකෙයි. තක්කාලි ගසේ ගෙඩි හටගත් අවස්ථාවේදී, අභ්‍යවකාශයේ හටගත් පළමු තක්කාලි ගෙඩි ලෙස ඒවාට ලොකු ප්‍රසිද්ධියක් ද ලැබුණි.

ඉදුණු තක්කාලි ගෙඩි දෙකක් නෙලාගත් රූබියෝ, ප්ලාස්ටික් මල්ලකට දමා ඒවා සීල් කර, තවත් කටයුත්තක නියැලී ආපසු පැමිණ බලද්දී, තක්කාලි ගෙඩි දෙක අතුරුදන් වී තිබුණි. ශුන්‍ය ගුරුත්වය හේතුවෙන් ඒවා පාවී පර්යේෂණාගාරයේ බඩු මුට්ටු අතරේ සැඟවෙන්න ඇතැයි සිතා රූබියෝ, ඒවා සොයන්න විය. කෙසේ නමුත් රූබියෝට චෝදනා එල්ල වන්න වූයේ තක්කාලි ගෙඩි දෙක ඔහු කෑමට ගන්න ඇතැයි කියාය. රූබියෝ තරයේ එය ප්‍රතික්ෂේප කරන්න විය.

ප්ලාස්ටික් මල්ල තුළ වියලුණ් එම තක්කාලි ගෙඩි දෙක වසරකට පසු පසුගිය දිනෙක මේ වනවිට අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන්ට හමුවිය. නාසා ආයතනය ඒ බව දැනුම් දුන්නේ, රූබියෝගේ නිර්දෝෂීභාවය ද ඔප්පු කරමිණි.

අනාගතයේ සිදු කෙරන අභ්‍යවකාශ ගමන් බිමන් වලදී එලවලු පලතුරු වගා කර ගැනීමට ගගනගාමීන්ට සිදුවෙයි. ඒ, අභ්‍යවකාශ යානා සහ අභ්‍යවකාශ නැවැතුම්පොළ තුළය.


RECOMMEND POSTS