අගමැති මෝදි ආපසු පාසලේ



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ගුජරාඨ ප්‍රාන්තයේ රජයේ පාසලක නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

අග්‍රාමාත්‍යවරයා ගන්ධිනගර් නගරයේ පාසල් කීපයක නිරීක්ෂණ චාරිකාවල නියැලුණු අතර පංති කාමරවලට ගොස් දරු දැරියන් හමුවුණු අතර ඔවුන් අතර අසුන් ගෙන ගුරුවරුන්ගේ ඉගැන්වීම්වලට කන්දීමට ද අමතක නොකළේය.

ඊට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ද හිමි විය. ගුජරාඨ ප්‍රාන්ත මහ මැතිවරණය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අතර, මෝදි ගුජරාඨ ප්‍රාන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණේ ඒ නිමිත්තෙනි. අග්‍රාමාත්‍ය මෝදිගේ සංකල්පයකට අනුව, ගුජරාඨයේ රජයේ පාසල් පද්ධතිය නවීකරණය වෙමින් පනතී.

ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ උපන් ප්‍රාන්තයයි. ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමට පෙර මෝදි වසර ගණනක් ගුජරාඨයේ මහ ඇමැති ධුරය හෙබවීය.

පසුගිය වසර ගණනාව පුරා ගුජරාඨය, මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ බල කඳවුරක් වූ නමුත් මෙවර, භාරතීය ජනතා පක්ෂයට අරවින්ද් කෙජ්රිවාල් නායකත්වය දෙන ‘ආම් ආද්මී’ පක්ෂයෙන් අභියෝගයන් එල්ල වී ඇත. ‘ආම් ආද්මී’ යනු දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින පක්ෂයයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS