94 වැනි ඔස්කාර් සිනමා සම්මාන උළෙල



94 වැනි ඇකඩමි සම්මාන උළෙල එසේත් නැතිනම් ඔස්කාර් සම්මාන උළෙල පෙරේදා (27) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර හොලිවුඩ් ‘ඩොල්බි’ රගහලේදී පැවැත්විණි.

රෙජීනා හෝල්, ඒමි ෂූමර් සහ වොන්ඩා සයික්ස් සම්මාන උළෙල මෙහෙයවීම කළහ. ඔස්කාර් සම්මාන ඉතිහාසයේ, නිළියන් තිදෙනකු ඔස්කාර් සම්මාන උළෙලක් මෙහෙයවීම කළ පළමු අවස්ථාව මෙයයි.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ ‘කෝඩා’ ය. ‘කෝඩා’ චිත්‍රපටයට බිහිරි පවුලක් වටා ගෙතෙයි. මෙවර හොඳම සහාය නළුවා ලෙස ‘කෝඩා’ චිත්‍රප​ටයේ ටෝරි කොස්ටර්, සම්මානයට පාත්‍ර විය. ටෝරි කොස්ටර්, සැබැවින්ම ශ්‍රවණාබාධිත නළුවෙකි.

හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ විල් ස්මිත්ය. ඒ, ‘කිංග් රිචඩ්’ චිත්‍රපටයේ වීනස් සහ සෙරීනා සහ විලියම්ස් යන ටෙනිස් ශූරියන්ගේ පියා රිචඩ් විලියම්ස්ගේ චරිතය නිරූපණය කරමිනි.

මෙවර හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ජෙසිකා චැස්ටින්ය. ඒ, ‘අයිස් ඔෆ් ටැමී ෆේ’ චිත්‍රපටය වෙනුවෙනි.

සම්මාන රැසක් සඳහා නිර්දේශ වී තිබූ චිත්‍රපයක් ලෙස ‘පවර් ඔෆ් ද ඩෝග්’ සමලිංගික කතාවක් ඇතුළත් ගොපලු චිත්‍රපටය හැඳින්විය හැකිය. මෙවර හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ජේන් චැම්පියොන්ය. මෙය ජේන් හොඳම අධ්‍යක්ෂවරිය ලෙස ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව වීම විශේෂයකි.

හොඳම සහාය නිළිය පෙස සම්මානය දිනුවේ ස්ටීවන් ස්පීල්බර්ග් අධ්‍යක්ෂණය කළ සංගීතමය චිත්‍රපටයක වන ‘වෙස්ට් සයිඩ් ස්ටෝරි’ චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු අරියානා දේ බෝස් ය.

ඩිස්නි ‘එන්කැන්ටෝ’ චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේය.  හොඳම විදෙස් චිත්‍රපටය වූයේ ‘ඩ්‍රයිව් මයි කාර්’ නමැති ජපන් චිත්‍රපටයයි.

(බීබීසී)


RECOMMEND POSTS