‘එමී’ උලෙළ හැඩ කළ ප්‍රියන්කා



 

බටහිර පුංචි තිරයේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ඇගැයීමට ලක් කෙරෙන ‘එමී’ සම්මාන උලෙළ පසුගියදා 68 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත් විණි.

ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ලොව අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ කතා මාලාව මෙවර සම්මාන උලෙළේ දී කැපී පෙණින. මෙවර ඊට හිමිවුණු සම්මාන ගණන 12 කි.‘ගේම් ඔෆ් ත්‍රෝන්’ කතා මාලා 6 ක් මේ වනවිට තරගත වී අවසන්ය. එහි හත්වැනි මෙන්ම අවසන් කතාමාලාව ඉදිරියේ දී තිරගත වනු ඇත.

‘ගේම් ඔෆ් ත්‍රෝන්’ කතා මාලාව විකාශය ආරම්භයේ සිට මේ දක්වා එමී සම්මාන උලෙළකදී සම්මාන 38 කට වැඩි ප්‍රමාණයක් දිනා ගෙන ඇතැයි ද පැවැසෙයි.

මෙවර එමී සම්මාන උලෙළේදී හොඳම ප්‍රහසන කතාමාලව බවට පත් වූයේ ‘වීප්’ ය. හොඳම රූපවාහිනී චිත්‍රපටය බවට පත් වූයේ බීබීසී නලිකාවේ ‘ෂර්ලොක්: ද ඇබොමිනබල් බ්‍රයිඞ්’ ෂර්ලොක් හෝම්ස් වික්‍රමයයි.

 

 

 

‘කොන්ටිකෝ’ රූපවාහිනී කතා මාලාව හරහා බටහිර රසික රසිකාවියන්ගේ ආදරය දිනූ බොලිවුඞ් සුරූපිනිය ප්‍රියන්කා චොප්රා ද මෙවර එමී සම්මාන උලෙළට එක් වී එය වර්ණවත් කළාය.

ප්‍රියන්කා, එමී සම්මාන උලෙළකට සහභාගී වුණු පළමු අවස්ථාව මෙයයි. ඇය සම්මාන ප්‍රදානය සඳහා වේදිකාවට ගොඩ වූයේ ජනප්‍රිය බි්‍රතාන්‍ය නළු ටොම් හිඞ්ල්සන් ද සමඟය.


RECOMMEND POSTS