ෆෝබ්ස් ප්‍රබලයන් අතරට ගිය යානිකා
ෆෝබ්ස් සඟරාවට අනුව දකුණු ආසියානු කලාපයේ අවුරුදු තිහෙන් පහළ විශිෂ්ටයන් 30 අතරට එකතු වෙන්න Wild Cookbook හරහා ඉමහත් ජනාදරයට පත්වුණු චරිත් එන්. සිල්වා සහ ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක් වන යානිකා අමරසේකර සමත් වී සිටිති.
මේ දෙදෙනා අතරින්, යානිකා වැදගත් වෙන්නේ ඇය කාන්තාවක් නිසාම නෙවෙයි. ඇය ව්‍යවසායිකාවක වීම නිසයි. යම් කෙනෙක් ව්‍යාපාරයක් ආරම්භ කළ පසු ඒ ව්‍යාපාරයේ තිබෙන සාර්ථකත්වය සමඟ ඊට සමාන ව්‍යාපාර ආරම්භ කරන්න ගොඩක් දෙනෙක් උත්සාහ ගනී. ස්වභාවය මෙයයි.
කෙසේ නමුත් යානිකා අත ගැසුවේ අසමසම ආකාරයේ වෙනස්ම විදියේ ව්‍යාපාරයකටය. ශ්‍රී ලංකාවේ පළමු Online wedding registry වෙබ් අඩවිය ආරම්භ කළේ ඇයයි. ඒ 2019 වසරේදීය. මේ වෙබ් අඩවිය හරහා මංගල උත්සවයකට අවශ්‍ය ත්‍යාග හුවමාරු කර ගැනීම ඇතුළු සියලුම අවශ්‍යතා සපුරා ගැනීම, vacation packages lessons in horse riding, golf and pottery ආදී සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරගන්න අවස්ථාව සලසා දෙයි.
යානිකා US Berkeley සහ Imperial College London හී අදි ශිෂ්‍යාවකි. ඇය දේශපාලන ආර්ථික සහ ජන සන්නිවේදනය පිළිබඳව මෙන්ම digital marketing සම්බන්ධව මූලික උපාධි දෙකක් සම්පූර්ණ කරලා ඇත. Entrepreneurship, Innovation and Management පිළිබඳව ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක්ද සම්පූර්ණ කර ඇත.
යානිකා තරුණ සැමට ආදර්ශයකි. ව්‍යාපාරයක් කරද්දී වෙන දේවල් කිරීමට වේලාව නැහැ යැයි කියන සැමට ආදර්ශයකි. ඇය උපාධි දෙකක් සම්පූර්ණ කරනවා වගේම වයස අවුරුදු තිහ සම්පූර්ණ වෙද්දී ශාස්ත්‍රපති උපාධියත් සම්පූර්ණ කරමින් සිටී.