සූර්ය ග්‍රහණය ට්‍රම්ප්ට අපලයි
අද (21) ඇමෙරිකාවට දිස්වන පූර්ණ සූර්ය ග්‍රහණය ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අසුබ ඵල අත්කර දෙනු ඇතැයි ඇමෙරිකානු ජෝතීර්වේදීහු අනාවැකි කියති.
ඔවුන් මෙසේ පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ කේන්දරය අනුවය. ඇමෙරිකානු ජනාධිපති ලෙස ට්‍රම්ප්ට කටයුතු කරගෙන යෑම අසීරු වනු ඇතැයි ද ජෝතීර්වේදීහු අනාවැකි කියති.
‘ජනාධිපති ට්‍රම්ප්ගේත් ඇමෙරිකාවේත් අනාගතයට මෙම සූර්ය ග්රහණයෙන් බලපෑම් එල්ල වෙනවා. ඒ බව සහතිකයි.’ යැයි නිව්යෝක් නුවර කේන්ද්‍රකොට ගත් ඇමෙරිකාවේ ප්‍රසිද්ධ ජෝතීර්වේදිනියක වන රෙබෙකා ගෝඞ්න් පෙන්වා දී තිබේ.
රෙබෙකා ගෝඞ්න් වැඩි දුරටත් පැහැදිලි කරන අන්දමට ට්‍රම්ප්ගේ උපත 1946 වසරේ ජූනි 14 වැනිදා සිදු වී ඇත්තේ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවුනු අවස්ථාවකදීය.
(ඒ.එෆ්.පී./රොයිටර්)