සරාගී Mia Z අපේ රටේ



MiaZ01
Mia Z හෙවත් සාෂා ප්‍රසාද් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩියෙන්ම කතාබහට ලක්වෙයි. Mia Z යනු ජනප්‍රිය Porn Star නිළියකි. ඇය ඉන්දීය සම්භවයක් ඇති ෆීජි (Fiji) යුවතියකි. උපන්නේ 2004 අගෝස්තු 7 වැනිදාය. (ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ ඇගේ උපන් දිනය 2004 සැප්තැම්බර් 28 කියාය.) මේ වනවිට ඇගේ වයස අවුරුදු 21 කි. උස අඩි 5 යි අගල් 7 කි. ඇය ජීවත්වන්නේ නවසීලන්තයේය. Mia Z කියයි. Mia Z මුහුණු පොතේ දැකිය හැක්කේ සාෂා ප්‍රසාද් යන නමිනි. 
572390286_122109819993028355_1732451611690398123_n
 Gen Z පරම්පරාවට අයත් Mia Z සමාජ මාධ්‍ය ඔස්සේ වැඩියෙන්ම කතාබහට ලක්වී සිටින්නේ ඇය නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමත් සමගය. මෙය ඇගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය යැයි පැවැසෙයි. මෙරට Content Creators බොහෝ දෙනකු සමග ඇය සම්බන්ධ වූවා පමණක් නොව, ඇය අවංකව ඇගේ අදහස් බෙදා ගැනීමක් ද කළාය. 
MiaZ04
ෆීජි (Fiji) දූපත්වල ඉපදුණු, නවසීලන්තයේ හැදී වැඩුනු Mia Z ලංකාවට දෙවෙනි වතාවටත් පැමිණියේ පුදුම ආදරයකින් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. "මා මගේ කලින් පෙම්වතා එක්ක මීට අවුරුදු දෙකකට කලින් ලංකාවට ආවා. සති හයක් ස්කූටර් එකක මුළු රට වටේම ගියා. මම මේ රටට ආදරය කරන්න ගත්තේ එදා" යැයි ඇය පවසන්නේ නිහතමානීවය. Mia Z අසැබි දසුන්වලට පෙනී සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති යුවතියක ලෙසය බොහෝ දෙනා පවසන්නේ Mia Z ගේ පෙනුම ලාංකික බවය. 
MiaZ02
"මම හිතන්නේ මගේ තාත්තා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති" ඇය එසේ කියන්නේ සිනාසෙමිනි. Mia Z මෙරට සංස්කෘතියට, කෑම බීමවලට සහ මිනිස්සුන්ට ලැදි තැනැත්තියකිකි. ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධ රටක්. එවන් රටක වෘත්තීමය Porn Star නිළියක සම්බන්ධයෙන් ඇති ආකල්පය ගැන ඇය විවෘතව අදහස් දක්වා ඇත. ඇය හින්දු භක්තිකයෙක් වුණත්, බුදුදහමට ගරු කරයි. “මා දන්නවා ලංකාවේ මේ දේවල් නීති විරෝධීයි. මා මෙහෙ ආවේ එහෙම දේකට නොවෙයි. මා ලංකාවට ආවේ මිනිස්සුන්ගේ තියෙන කරුණාව සහ පරිසරයේ තියෙන සුන්දරත්වය නිසයි. මා නීතිවලට ගරු කරන කෙනෙක්. මා ඩුබායි ගියත් එහෙමයි. ඒක මගේ වෘත්තිය.”
550508746_122100750189028355_2582020022163034093_n
තමන් Porn Star කෙනකු බවට පත්වූයේ මිතුරියකගේ යෝජනාවකට අනුව යැයි ඇය කියයි. Porn Star නිළියක ලෙස එම ක්ෂේත්‍රයට පිවිසීමෙන් පසු මාස 9 ක් ඇතුළත Followers ලක්ෂ 3 සිට මිලියනය දක්වා වැඩි කර ගන්නට ඇය සමත් වූවාය. ඇගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් 100,000 – 300,000 ක් යැයි පැවැසෙයි.  Mia Z ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට කීමට සමත් වී සිටී. ඇය ගාල්ලේ, ඇල්ලේ සංචාරය කරමින් අපේ කෑම, අපේ දුම්රිය සහ සංස්කෘතිය මිලියන ගණනක ඇගේ ජාත්‍යන්තර Followers ලාට දකින්න සලස්වා ඇත. 
549571249_122100736365028355_7742284106554624454_n
‘මා ලංකාවට එද්දී මගේ Followers ලා ලංකාව ආරක්ෂිතද? අහනවා. මා ඒ අයට පෙන්නුවා ලංකාව කියන්නේ ලෝකයේ ලස්සනම සහ ආරක්ෂිතම රටක් කියලා. මා ලංකාවට ආදරෙයි, ඒ වගේම ලංකාවට සංචාරකයන් ගෙන්වන්න මා උපරිමයෙන් කටයුතු කරනවා.’

RECOMMEND POSTS